ව්‍යවසායකත්ව රජ දරුවෝ" වැඩසටහන

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

විදුහල්පති පණිවිඩය

T.M. ඡයතිලක

මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙණිය අධ්‍යාපන කලාපයට අයත් දර්ශනීය කදු මුදුනක පිහිටි මප/තෙල්/ දුන්හින්න ද්විතීයික පාසල වර්ෂ 1952 ඔක්තෝම්බර් මස 10 වන දින ආරම්භ කරන ලදි. වර්ෂ 2013 දී අ.පො.ස උ/පෙළ විද්‍යා අංශය ආරම්භයත් සමගම 1AB වර්ගයේ පාසලක් ලෙස උසස් කෙරිණි. භෞතික සම්පත් හා මානව සම්පත් වලින් අනූන මෙම විද්‍යාලය ප්‍රදේශයේ කීර්තිමත් පාසල් අතරින් එක් පාසලකි.                       

විෂයානුබද්ධ විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියාකාරකම් වලින් අප සිසුන් විවිධ දක්ෂතා එලි දක්වා ඇත. ඒ සදහා ඔවුනට පාසලේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ නොමද සහයක් ලබා දේ. පාසලෙහි පවතින තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් උපයෝගී කර ගනිමින් සිසු දරුවන් නව නිපැයුම් කෙරෙහි ද යොමු වී ඇති අතර පාසල් නිල වෙබ් අඩවිය සංවර්ධනය කිරීම කෙරෙහි ද සිසුන් දැඩි උද්යෝගියකින් කටයුතු කරයි.  අප විද්‍යාලීය පරිගණක විද්‍යාගාර කළමණාකාරී සහ පරිගණක විෂයභාර A. J. P ගුණසේකර මිය විසින් මෙම වෙබ් අඩවිය සංවර්ධනය කරගැනීම සදහා සිසු දරුවන්ට අවශ්‍ය මුලික දැනුම හා අවශ්‍ය සම්පත් ලබාදීම,අවශ්‍ය මග පෙන්විම ලබාදීම අගය කොට සලකමි. එමෙන්ම මෙම කාර්යය සාර්ථකව ඉටු කර ගැනීමට උර දුන් සැමට මාගේ හදපිරි ස්තූතිය පුද කරමි.

T.M. ඡයතිලක
විදුහල්පති
දුන්හින්න ද්විතීයික පාසල.