පාසලේ ඉතිහාසය

ව්‍යවසායකත්ව රජ දරුවෝ" වැඩසටහන

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

දුම්බර මිටියාවතේදර්ශනීය කදු මුඳුනක පිහිටි මප/තෙල්/දුන්හින්න ද්වීතියික පාසල මහනුවර, තෙල්දෙණිය අධයාපන කලාපයට අයත් දුන්හින්න ග්‍රාමයේදී 1952 වර්ෂයේ ඔක්තොම්බර් මස 10 වන දින, ආරම්භ කරන ලදී.ගිඩ්ඩව වරදිවෙල පාසලේ 6 ශේණියෙන් ඉහල දරුවන් 34 දෙනෙකු යොමුකර ගනිමින් ඇරඹි මෙම විද්‍යාලය පසුව සිසුන් 700 ක් පමණ සිටිනා ප්‍රදේශ්යේ කැපීපෙනෙන මහ විද්‍යාලයක් ලෙස ක්‍රමයෙන් වර්ධනය විය.නමුත් පසුකාලීනව මාර්ග පහසුකම් වර්ධනය වීමත් සමග නගර කරා සිසුන් ඇදී යාමේ ප්‍රවනතාවය ඉහලයාමත් ගම්වල දරුවන් සන්ඛ්යාව පහල යාමත් ජනයා නගර කරා සන්ක්‍රමණය වීමත් සමග විද්‍යාලයේ ශිෂය ගහනය පහත වැටී පැවතින.

ආරම්භ කළ වර්ෂය

1952 වර්ෂයේ ඔක්තොම්බර් මස 10 වන දින

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

34

මුල් ගුරුතුමාගේ නම

පි.එච්.ධර්මවර්ධන

පාසලේ නම

දුන්හින්න  මහ විද්‍යාලය

පාසල ද්වීතියික පාසලක් දිනය

1955 ඔක්තෝම්බර් 15

මේ අතර 2008 වර්ෂයේ රජය මගින් හදුන්වාදුන් ඉසුරුපාසල් වියාපෘතිය යටතේද, 2011 වර්ශයෙ සිට ද්විතීයික පාසල් 1000ක් සන්වර්ධනය යටතේද, මෙම විදයාලයට සන්වර්ධනය කරන ලදී.මේ අනුව දුත්පත් ග්‍රාමීය පරිසර්යකට උරුම ඉගෙනුමට හෝ යහපත් වැඩ වාතාවරනයකට සිත් පොලඹවනසුළු නොවන , ඇසට ප්‍රිය නොවන භෞතික වටපිටාවක් පැවති මෙම විදයාලයට

  • අංග සම්පූර්‍රණ පුස්තකාලයක්
  • ශිෂ‍ය උපදේශන ඒකකයක් මාර්ගපොඉපදේශන ඒකකයක්
  • පන්ති කාමරයක් හා නව පරිපාලන ඒකකයක් සහිත දෙමහල් ගොඩනැගිල්ලක්
  • මුර කුටිය හා ඉදිරිපස වැට හා දර්ශනීය ගේට්ටුව

නව ඉදිකිරීම් ලෙස ලැබුණේය.මීට අමතරව පාසලේ සියලුම ගොඩනැගිලි අලුත්වැඩියා කරදෙන ලදි.EKSP වි‍යාපෘතිය මගින් පාසල් භුමී අලන්කරණය සඳහා ලබා දුන් මුදල් භාවිතා කරමින් දෙමාපියන්, ආදිශිෂයන්, සිසුන්,විදුහල්පති, ඇතුලු ගුරුවරුන් ආදී සියලු දෙනගෙ ඇප කැප වීම මත අප පාසල කාගේත් සිත් ඇදගන්න දැකුම්කලු පාසල් පරිශ්‍රයක් වශයෙන් සන්වර්ධනය කර ඇත.