ව්‍යවසායකත්ව රජ දරුවෝ" වැඩසටහන

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

E.M.M.ඒකනායක

මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙණිය අධ්‍යාපන කලාපයට අයත් දර්ශනීය කදු මුදුනක පිහිටි මප/තෙල්/ දුන්හින්න ද්විතීයික පාසල වර්ෂ 1952 ඔක්තෝම්බර් මස 10 වන දින ආරම්භ කරන ලදි. වර්ෂ 2013 දී අ.පො.ස උ/පෙළ විද්‍යා අංශය ආරම්භයත් සමගම 1AB වර්ගයේ පාසලක් ලෙස උසස් කෙරිණි. භෞතික සම්පත් හා මානව සම්පත් වලින් අනූන මෙම විද්‍යාලය ප්‍රදේශයේ කීර්තිමත් පාසල් අතරින් එක් පාසලකි. අප සිසු දරුවන් කලාප, පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් කියන අතර, පාසලෙන් බිහි වූ කීර්තිමත් ආදි සිසුන් ද බොහොමයකි. අප පාසල තොරතුරු තාක්ෂණ ක්‍රේෂ්ත්‍රයෙන්ද පසුගිය වසර පුරා විශාල දියුණුවක් අත්කරගෙන ඇත.   දුන්හින්න ද්වීතියික විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි. විද්‍යාලය සමග සම්බන්ධ වීම සදහා මෙම ‌වෙබී අඩවිය විවිධ පාර්ශවයන්ට මහගු පිටුවහලක් වන අතර මෙම වෙබ් අඩවිය සමග සම්බන්ධ වීම පාසලේ සංවර්ධනයටද වැදගත් වන බව මාගේ විස්වාසය යි.  මම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා සහය දුන් තාක්ෂණිික අංශය භාර ගුරුතුමිය ඇතුලු සිසු දරුවන්ට ද මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.

 

E.M.M.ඒකනායක
නියෝජ්‍ය විදුහල්පති
දුන්හින්න ද්වීතියික පාසල.