මහනුවර
දුම්බර මිටියාවතේ දර්ශනීය කදු මුදුනක පිහිටි මප/තෙල්/ දුන්හින්න ද්වීතියීක පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. අප පසල තුල දැනට උසස් පෙල විෂය ධාරව තුළ කලා, වාණිජ, ගණිත, විදයා යන විෂයන් කරගෙන යනු ලබයි. 2011 වර්ෂයේ සිට ද්වීතීයික පාසලක් ලෙස මෙම පාසල වර්ධනය කෙරුණි.
අනාගත ප්‍රබුද්ධ සමාජයේ වගකීම් දැරිය හැකි කොටස් කරුවන් බිහි කිරීම.
අප වෙත එන දූ පුතුන් ගුණ නුවණින් වඩවාලමින් ඔවුන්ගේ විභව ශක්තීන්, කුසලතා පූර්ණත්වයට පත්කොට ජීවිතයේ ඕනෑම අභියෝගයකට සාර්ථකව මුහුණදිය හැකි, සමාජානුයෝගී සමබර පෞරුෂයකින් කටයුතු කළ හැකි, ඉදිරි සමාජයට වැඩදායී නිර්මාණශීලී ක්‍රියාකාරී සමාජ කොටස්කරුවන් බවට පත් කරන්නට අපගේ සියළු ශක්තීන් ඇප කැප කරන්නෙමු.